V.O.I.C.E National Youth Fest තුන්වන වරටත් පැවැත්වේ

Youth-Alive-Team.jpg

පෙරගමන්කරු ජාතික තරුණ සේවය විසින් විවිධ සමාජයීය ගැටළු සඳහා යහපත් ආකාරයට මුහුණ දීමට ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම සඳහා වන V.O.I.C.E National Youth Fest 2017 මෙවර තුන්වන වතාවටත් පැවැත්වීමට නියමිතය. මේ වසරේදී විවිධ ක්‍රිස්තියානි ආගමික නිකායන් හි තරුණ නායකයින් 1250 ක පිරිසක් එක් රැස් කිරීමට අදහස් කර සිටින අතර මෙය ජාතියේ අනාගතය වෙනුවෙන් ධනාත්මක වෙනස්කම් ඇති කිරීමේ බලවත් ප්‍රයත්නයකි. ටෙක්සාස් හි Christ for the Nations Institute හා Youth for the Nations හි අධ්‍යක්ෂ Chris Estrada, Youth Alive Australia හි අධ්‍යක්ෂ කැමරන් බෙනට්, ඕස්ට්‍රේලියානු Youth Alive සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලාංකීය ප්‍රමුඛ තරුණ නායකයින් එක්ව මෙම ත්‍රෛභාෂා නායකත්ව සම්මේලනය අගෝස්තු මස 25 සහ 26 යන දිනවලදී නාරාහේන්පිට ජනතා දේව සභාව හි දී පැවැත්වීමට නියමිතය.

මෙම තරුණ සමුළුව සඳහා උතුරු ඉන්දියාව, බංගලාදේශය සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් වලින් කණ්ඩායම් සහභාගී වනු ඇත. සමාජයේ බලපෑම්වලට හුරුවීම සම්බන්ධව ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කරුණු දැනුවත් කිරීම මෙම සැසි වාර වල කෙරෙන අතර, ක්‍රියාශීලීව විනෝදාත්මක බවින් යුතුව සමාජය වෙනස් කිරීමෙහි ලා කැපවුණු අයගේ කතා ද මෙහි දී ඔවුන්ට කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කිරීමට කාලය ලැබෙනවා ඇත.
Youth Alive සංගීත කණ්ඩායම සමග අප රටේ සංගීත කණ්ඩායම් ද එක්වෙමින් සෑම සන්ද්‍යාවරුවකම සංගීත රැළියක් ඉදිරිපත් කරනු ඇති. පසුගිය වසර වලදී මෙම රැළි සඳහා තරුණ තරුණයින් 4000 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ බැවින් මෙවරද ඊට වැඩි පිරිසක් සහභාගී වේ යි සංවිධායක වරුන්ගේ මතයයි.

ප්‍රචණ්ඩත්වය, අයුක්තිය සහ අපරාධ වලින් දූෂිත සමාජයක අලුත් පරම්පරාව යනු ජාතියේ එකම බලාපොරොත්තුවයි. මෙම සමුළුව මගින් තරුණ පරම්පරාවට ඒ සඳහා මුලික අඩිතාලමක් නිර්මාණය කරයි.

මෙම සමුළුව සඳහා සහභාගී වීමේ ගාස්තුව රු. 1250/= වේ. (ජුලි මස 15 වන දාට ප්‍රථම ලියාපදිංචි වන්නන් හට රු.1000 පමණක් වේ.) මෙම ගාස්තුව සඳහා දින දෙකෙහිම ආහාර ද ඇතුලත් වේ. මේ සඳහා ලියාපදිංචිය දැන් විවෘත ව පවතින අතර VOICE නිළ ෆේස්බූක් පිටුවෙන් ඉල්ලුම්පත් ලබාගත හැකිය. ලියාපදිංචි විය හැකි අවසන් දිනය වන්නේ අගෝස්තු මස 10 වැනිදා ය.

වැඩි විස්තර සඳහා 0777 042900 ඇමතිය හැකිය. info.voiceyouthfest@gmail.com ඊමේලය හරහා ද සම්බන්ධ විය හැකිය.

scroll to top