Uber ලංකාවේ අඩු වියදම් ප්‍රවාහන ක්‍රමයක් UberGO නමින් හඳුන්වා දෙයි

uber

ජන 14, 2016 (විමසුම) – රටවල් 60ක නගර 340ක ක්‍රියාත්මක වන Uber සිය වඩාත් පිරිමැසුම්දායක ක්‍රමවේදය වන UberGO ලංකාවේ ආරම්භ කරන ලදී.

UberX වලින් පසු දෙවන නිෂ්පාදන විකල්පය වන UberGO, සුසුකි Altos හා ටාටා Nanos වැනි කුඩා වාහන යොදා ක්‍රියාත්මක කෙරේ.

විකල්ප ප්‍රවාහන ක්‍රමයන්ට වඩා සියයට 15 ක් පමණ මෙහි මිල ගණන් අඩු බව සමාගම සඳහන් කරයි.

2014 දී ඉන්දියාවේ හඳුන්වා දුන් මෙම සේවාව පසුව 2015 දී තුර්කියේ හා වියට්නාමය ඇතුළු විදෙස් වෙළෙඳපොළ තුළ හඳුන්වා දෙන ලදී.

scroll to top