Tenaga Car Parks වෙතින් රථවාහන නැවැත්වීමේ ගැටලූවට නිර්මාණශීලී විසඳුමක්

Launching-the-Park-Smart-App.jpg

කොළඹ නගරයේ රථවාහන තදබදය මෙන්ම වාහන නැවැත්වීමේ ගැටලූවද දිනෙන් දින බරපතළ වෙමින් පවතී. මීට විසඳුමක් වශයෙන් කාර්යක්ෂම වාහන නැවැත්වීම් කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කම කලක පටන් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබිර්‍ණ. මීට පිළියමක් ලෙස මෙරට රථවාහන නැවැත්වීමේ සහ රථවාහන තදබදය කළමනාකරණය කිරීමේ විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමියා වන Tenaga Car Parks සමාගම විසින් Tenaga ParkSmart නමින් නිර්මාණශීලී ජංගම දුරකථන යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ මහනගර සභාව සමග අත්වැල් බැඳගෙන නිර්මාණය කරන ලද මෙම යෙදුම පසුගිය පෙබරවාරි 16 වනදා නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) එල්. ආර්. එල්. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මහනගර සභාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් යුතුව එළිදක්වන ලදි.

අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා, රථවාහන තදබද විසඳුම් නිර්මාණකරණ සහ මාර්ග සුරක්ෂිතතා) නිහාල් වික්‍රමරත්න මහතාගේ සහ කොළඹ මහනගර සභා කණ්ඩායමේ මූලකත්වයෙන් ක්‍රියාත්මක වන ParkSmart මෙරට රථවාහන නැවැත්වීම විධිමත් කිරීම සඳහා සකස් කරන ලද ප්‍රථම ජංගම යෙදුම ලෙස සැලකේ. මේ මගින් කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ පිහිටා ඇති Tenaga නැවතුම් ස්ථානවල වාහන නවත්වන රියදුරන්ට රථවාහන නැවතුම් මීටර වෙත ගොස් ගාස්තු ගෙවීම වෙනුවට සිය ජංගම දුරකථන මගින් අදාළ ගාස්තුව ගෙවිය හැකි වීම විශේෂත්වයකි. මේ වනවිට ගාලූ පාර (දෙහිවල සිට ගලධාරී මංසන්ධිය දක්වා, උප මාවත්ද ඇතුළුව) සහ ආර්. ඒ. ද මැල් මාවත (ධර්මාරාම පාරේ සිට ලිබර්ටි ප්ලාසා මංසන්ධිය දක්වා, උප මාවත්ද ඇතුළුව) යන මාවත්වල ParkSmart යන්ත්‍ර සවිකර ඇත.

මෙම යෙදුම දියත් කිරීමේ අවස්ථාවේදී ආදහස් දැක්වූ Tenaga Car Parks (පුද්.) සමාගමේ ඩිලාන් පෙරේරා මහතා Smart Park මීටර් ක්‍රමය මත පදනම් වී ඇති Tenaga Park Smart යෙදුම පිළිබඳව රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලි කළේ ය. ඩයලොග් ආසිආටා සමාගම සහ CALE Sweden සමග අත්වැල් බැඳගෙන නිර්මාණය කර ඇති මෙම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර මෙම වසරේ ආරම්භයේ සිට කොළඹ නගරයේ විවිධ ස්ථානවල ස්ථාපිත කරන ලදි. මෙම යන්ත්‍ර මගින් පැය ගණන අනුව ගාස්තුව තීරණය කරනු ලබන අතර වාහන වර්ගය අනුව ගාස්තුව වෙනස් වේ. මේ වනවිට යතුරුපැදි සඳහා පැයකට රු. 10 ක්ද, ත්‍රිරෝද රථ සඳහා රු. 20 ක්ද, කාර් සහ වෑන් රථ සඳහා රු. 30 ක්ද, ලොරි රථ සඳහා රු. 50 ක්ද අයකෙරේ. වර්තමානය වනවිට විවිධ ස්ථානවල Smart Park මීටර් 100ක් සවිකර ඇත.

දැනට මෙම ජංගම දුරකථන යෙදුම ඇතුළත් කළ හැක්කේ ඇන්ෙඩ්‍රායිඩ් උපාංග සඳහා පමර්‍ණ. Negete (පුද්.) සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදුම රියදුරන්ට විශාල පහසුවක් වනු නොඅනුමාන ය. මේ වනවිට තම ෙඩබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් මෙන්ම ඩයලොග් eZ cash සහ Add2Bill (ළඟදීම) වැනි ක්‍රම භාවිතයෙන් රියදුරන්ට මේ සඳහා ගාස්තු ගෙවිය හැකි වේ. නැවතුම් කාලය ඉක්මවා යාමට ආසන්නයේදී ඒ බව සිහිපත් කිරීමේ ක්‍රමයක්, වාහන නැවැත්වූ ස්ථානය සොයාගැනීමේ ක්‍රමයක් සහ වාහන නැවැත්වීමේ ඉතිහාසය මතකයේ තබාගන්නා ක්‍රමයක් වැනි විශේෂාංග රැසක්ද මීට ඇතුළත් වී ඇත.

මෙම උත්සවයේදී Negete සමාගමේ නියෝජිතයෝ අදාළ යෙදුම භාවිතා කරන ආකාරය රැස්ව සිටි පිරිසට පැහැදිලි කළහ. යෙදුම බාගත කරගත් පසුව අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය ලියාපදිංචි කළ යුතු අතර දුරකථනය අදාළ යෙදුම සමග සම්බන්ධ වන්නේ මෙම ක්‍රමය භාවිතයෙනි. ඉන් අනතුරුව රථයේ වර්ගය අනුව ගාස්තු අයවීම සඳහා රියදුරු තම රථය මෙම යෙදුමේ ලියාපදිංචි කළයුතු ය. ඉන් පසු, යෙදුම ක්‍රියාත්මක කර ඇති විට මහාමාර්ගයේදී එය රියදුරුට ළඟින්ම ඇති Tenaga වාහන නැවැත්වීමේ මීටරය ඇති තැන පෙන්නුම් කරයි. වාහනය නැවැත්වූ පසුව එසේ නවත්වා තිබිය යුතු පැය ගණන ඇතුළත් කර ඒ සඳහා තමන් කැමති ක්‍රමයට ගාස්තු ගෙවා යා හැක. අදාළ කාලය අවසන් වීමට ආසන්න වූ විට මෙම යෙදුම රියදුරුට ඒ බව සිහිපත් කරන අතර කාලය දීර්ඝ කිරීම අවශ්‍ය නම් ඒ සඳහා ගාස්තු ගෙවිය හැකි ක්‍රමද ඉදිරිපත් කරයි. සියලූම ලදුපත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නිකුත් කෙරෙන නිසා මෙම යෙදුම පරිසර හිතකාමීද වේ.

Tenaga ParkSmart ඉදිරියේදී අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහාද හඳුන්වා දීමට නියමිත අතර එය තවදුරටත් පුළුල් කිරීම සඳහා කැනඩාවේ Gtechna සමග අත්වැල් බැඳගැනීමටද නියමිත ය. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා, මෙවැනි ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය ආයතනයක් සමග අත්වැල් බැඳගත් ප්‍රථම පෞද්ගලික සමාගම වීම තමන්ට විශාල ගෞරවයක් බව කියා සිටි අතර වැඩසටහන සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් කොළඹ මහනගර සභාවට සිය හදපිරි ස්තූතියද පළකළේ ය.

scroll to top