ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පීනියක වන අනුරාධා සිල්වා

Anuradha-Silva.jpg

“විමසුම” වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් අද ඔබ හඳුනාගන්නා ඇය නමින් අනුරාධා සිල්වා.

ගල්කිස්ස උසස් බාලිකා මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ අනුරාධා මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇති අතර ටෙලි නාට්‍ය නිළියක ලෙස මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසත් කරළියට පිවිසීම ඇගේ අනාගත සිහිනයයි.

අප සමඟ දොඩමළු වූ අනුරාධා මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති සංගීත වීඩියෝ දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළේ මෙලෙසින්…

“මම දැනට චම්පික ප්‍රියශාන්තගේ කඳුළු පිරි නේත්තරා ගීතයේ වගේම තීක්ෂණ අනුරාධගේ ළඟදීම නිකුත්වීමට නියමිත අලුත් සංගීත වීඩියෝවටත් රංගනයෙන් දායක වුණා”.

වරක් තරුණී පුවත්පත සරසමින් කළ එළි බට ඈ, අද “විමසුම” වෙබ් අඩවියේ විලාසිතා පිටුව විචිත්‍රවත් කරන්නේ ශිරෝමි ෆොන්සේකාගේ හැඩ ගැන්වීමෙන් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චිගේ ඇසට හසු වූ කැමරා කෝණයන් සමගයි…

scroll to top