ලංකාවේ ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පීනියක වන ටානියා ජයමහ

Tania-Jayamaha.jpg

“විමසුම” වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් මෙවර ඔබ හඳුනාගන්නා ඇය නමින් ටානියා ජයමහ…

කැළණිය ගුරුකුළ විද්‍යාලයෙන් අකුරු කළ ටානියා, නැගී එන ටෙලි නාට්‍ය නිළියක හා මෝස්තර නිරූපිකාවක වන අතර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියකවීම ඇගේ අනාගත සිහිනයක් බව ඇය අප සමඟ කළ කෙටි සංවාදයේ දී සඳහන් කළේය.

රංගනයට අමතරව නිරූපිකාවක ලෙසින් ද ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් පසුවන ඇය මේ වසරේ දී එම ක්ෂේත්‍රයේ විවිධ තරඟ වලට දායකවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

දැනට පෙම්වතෙක් නැතත් ඉදිරියේ දී ඒ සඳහා ද අපේක්ෂාවක් ඇති බවයි ටානියා “විමසුම” සමඟ දොඩමළු වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇගේ ඡායාරූප ඇල්බමයට එක් වන අලුත්ම ඡායාරූප ගොන්න ටානියා, “විමසුම” හා බෙදා හදා ගන්නේ ජානක කඳන ආරච්චිගේ තවත් ඡායාරූ මෙහෙයුමක් අවසන් කරමිනි.

scroll to top