සියයට 200-350 ත් අතර ප්‍රමාණයකින් වාහන බදු වැඩිවීම නිසා සිය කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති නිසා වාහන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළබව ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය කියයි.
මේ වසරේ මුල් මාස පහ තුළදී මෙරට නීත්‍යාණුල සැර මද්‍යසාර නිෂ්පාදනය සියයට 2.6 කින් අඩුවී තිබෙන බවත් බීර නිෂ්පාදනය සියයට 12.5 කින් වැඩිවී තිබෙන බවත් මුදල් අමාත්‍යංශය කියයි.
මේ වසරේ මුල් මාස හතර තුළදී 2012 වසරේ ඉලක්කගත අයවැය හිඟය දෙගුණ වී තිබෙන අතර බදු ආදායමට සාපේක්ෂව වර්තන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.
2012 අප්‍රේල් දක්වා මාස හතරක කාලයේදී මෙරටට විදේශ රටවල් හා ණය දෙන ආයතන විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 1,015 ක මුදලින් ඩොලර් මිලියන 740.8 ක්ම වෙන්කර තිබෙන්නේ ඉන්දියාව බව හෙළිවේ.
බදු වැඩිකිරීම ඇතුළුව ආර්ථිකයේ ඇතිවී තිබෙන ප්‍රවණතා හමුවේ මේ වසරේදී මෙරට වාහන ලියාපදිංචිය සියයට 40 කින් පමණ අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.