අප්‍රේල්,01,(විමසුම) – රත්නපුර, දෙයියන්නෙගම ප්‍රදේශයේදී අවුරුදු 13 ක දැරියක් නීත්‍යාණුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර තිබෙන බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය කියයි.
අප්‍රේල්,01,(විමසුම) – කොළඹ දකුණු වරායේ පළමු බහාලුම් පර්යන්තය ගොඩනැගීම මේ වසරේ ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටින බව චීනයේ Merchants Holdings සමාගම කියයි.
අප්‍රේල්,01,(විමසුම) – බොගොවන්තලාව වැවිලි සමාගම, ඇමෙරිකානු සමාගමක් හා එක්ව ශ්‍රී ලංකාවේ, අපනයනය සඳහා අයිස් තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
අප්‍රේල්,01,(විමසුම) – වසර 25 ක් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ධූරය දැරූ හේමක අමරසූරිය මහතා ලබන ජුනි 30 දා ස්වකීය ධූරයට සමුදෙන බව, එම සමාගම කියයි.
අප්‍රේල්,01,(විමසුම) – නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබාගත් මෘදුකාංග භාවිතා කළා යැයි සැකපිට පොලීසිය විසින් සමාගමක් පරීක්ෂාවට ලක්කළ බව ව්‍යාපාරික මෘදුකාංග සන්ධානය කියයි.