පෙබ,01,(විමසුම) – ලෝක ආර්ථික අර්බුදයෙන් හා වැටුප් වැඩිවීමෙන් ඇතිවූ අයහපත් බලපෑමෙන් මිදී ගෙවුණු දෙසැම්බර් කාර්තුවේදී ලාභ ලැබූ බව, වටවල වැවිලි සමාගම කියයි.
පෙබ,01,(විමසුම) – වැවිලි සමාගම්වල කොටස් මිල ඉහළ යාම හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල වැඩිවීමක් අද උදෑසන සිට දකින්නට ලැබේ.
පෙබ,01,(විමසුම) – සඟවා තබන ලද අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් මාතලේ, වාරියපොළ වත්ත ප්‍රදේශයේ කානුවක් හාරමින් සිටි පිරිසකට හමුවී තිබෙන බව, ආරක්ෂක අංශ පවසයි.
පෙබ,01,(විමසුම) – මෙරට ද්‍රවිඩ ජාතිකයින් සඳහා බලය බෙදීමේ යෝජනා ගැන සාකච්ඡාවකට තමාට ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ නම් එයට සහභාගී වීමට සූදානම් බව, ද්‍රවිඩ සන්ධාන නායකයා කියයි.
පෙබ,01,(විමසුම) – ජ.වි.පෙ.ට හිතවත් “ලංකා” පුවත් පත් කාර්යාලයට පසුගිය සෙනසුරාදා රහස් පොලීසිය කළ මුද්‍රා තැබීම අධිකරණය අවලංගු කරයි.