ජන,01,(විමසුම) – ලැබුවා වූ 2010 නව වසර සියලු පැතුමි ඉටු වෙන්නා වූ සුබ නව වසරක් වේවා !
ජන01.(විමසුම) –නව වසරේදී පෙර පාසල් ගුරුවරුන්ට විශේෂ දීමනාවක් 2010 නව වසරේදී දිවයින පුරා විසිරී සිටින 17,000කට අධික පෙර පාසල් ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගැනීමට යන බව රජයේ නිල වෙබි අඩවිය පවසයි.
ජන01.(විමසුම) –කඳුරට ජනතා පෙරමුණේ නායක හා සමාජ සංවර්ධන හා සමාජ විසමතා දුරලීමේ අමාත්‍ය පී.චන්ද්‍රසේකරන් මහතා අද උදේ කොළඹ පුද්ගලික රෝහලකදි අභවප්‍රාප්ත විය.
ජන01.(විමසුම) –පසුගියදා,කොළඹ බමිබලපිටියේ මුහුදේදි, මානසික රෝගි තරුණයෙකු මරණයට තැත්කිරිමේ චෝදනා ලැබ සිටි බමිබලපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරියා අද වැලිකඩ බන්ධනාගාරයේදි හෘදයාබාධයකින් මියි ගිය බව බන්ධනාගාර පොලිසිය කියයි.
ජන01.(විමසුම) –. ජනපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සුබ පැතුම් පණිවිඩය මෙසේය.