ජූලි,01,(විමසුම) – පසුගියදා සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික සිසුන්ට ඇසිඩ් ප්‍රහාර එල්ලකළ සැකකරුවන් අත්අඩංගුවට ගත්බව සිඩ්නි පොලීසිය සඳහන් කර තිබේ.
ජුලි,01,(විමසුම) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඊයේ නිවුන් දරු පියෙකු වූ බව, ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
ජූලි,01,(විමසුම) – ඌව, යාපනය හා වව්නියාව මැතිවරණ සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 26,330 ක් ලැබී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ජූලි,01,(විමසුම) – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ හා සංචාරක පාකිස්තානු පිළ අතර කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන තුන්දින තරගයේ අවසන් දිනය වන අද, දිවා භෝජනය වනවිට ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 37 ක් ලබා සිටී.
ජූලි,01,(විමසුම) – ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වීම නිසා, ස්වාධීන නොවන බව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් පවසයි.