ජුනි,01,(විමසුම) – ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට සම්මාන ආචාර්ය උපාධි දෙකක් පිරිනැමීමට කොළඹ විශ්ව විද්‍යාලය තීරණය කරයි.
ජුනි,01,(විමසුම) – අභාවප්‍රාප්ත අධිකරණ අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය.
ජුනි,01,(විමසුම) – ගාලුමුවදොර පැවැත්වෙන “විජයග්‍රහණ හමුදා ප්‍රණාම” උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ පාසැල් 21 කට නිවාඩු ලබාදේ.
ජුනි,01,(විමසුම) – ලංකාවේ ක්‍රියාත්මක වන බදු ක්‍රමය පුළුල්ව විමර්ශනය කර එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීමේ අරමුණෙන් යෝජනා කර තිබෙන බදු කොමිසමක් ඇති කිරීමේ මූලික කටයුතු අවසන් කෙරේ.
ජුනි,01,(විමසුම) – කොළඹින් හා ගම්පහින් පිට පළාත්වල ආයෝජනය කරන අය වෙනුවෙන් රජය දුන් බදු සහනයේ කාල සීමාව දීර්ඝ කරයි.