මාර්තු,01 (විමසුම) – එල්.ටී.ටී.ඊය විසින් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව යොදා ගෙන ශ්‍රී ලංකා රජය වහාම සිරවී සිටින දමිළ ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා ආරක්ෂිත මාර්ගයක් සකස් කල යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලයි.
මාර්තු,01 (විමසුම) – නැඟෙනහිර පළාතේ පරිගණක නිෂ්පාදනය ඇතුළු තොරතුරු තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි රජය නිවේදනය කරයි.
මාර්තු,01 (විමසුම) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කීත් වාස්, එල්.ටී.ටී.ඊයට සහාය දක්වන බවට සඳහන් විවිධ පාඨ ප්‍රදර්ශණය කරමින් ත්‍රස්ත විරෝධී උද්ඝෝෂණයක් පසුගියදා එංගලන්තයේ ලයිසෙස්ටර්හි දී පැවැත්විණි.
මාර්තු,01 (විමසුම) – පුදුකුඩුඉරිප්පු කැලෑවේ තිප්පොලවල සැඟව සිටිමින් යුද්ධයට අණදෙන සුසෙයි හා ලක්ෂ්මන් ඇතුලු ජේෂ්ඨ කොටි නායකයන් සටන් පෙරමුණේ යුද වදින කොටි හමුදාවට සිය අවසානය තෙක් සටන්කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.
මාර්තු,01 (විමසුම) – යෝජිත විදුලි බල පනත සම්මත කර ගැනීමට සූදානම් වුවහොත් සිය වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ කොට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු හඟවයි.