පෙබ,01 (විමසුම) – මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා අද දින විශේෂ දිනයක් ලෙස යොදා ගෙන ඇති බව රජය නිවේදනය කරයි.
පෙබ,01 (විමසුම) – හෙජින් ගිවිසුම යටතේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් එම ගිවිසුමට සම්බන්ධ වාණිජ බැංකු වෙත ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අදාල බැංකු ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට යෑමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
පෙබ,01 (විමසුම) – මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණය සඳහා රාජ්‍ය නිළධාරීන් හා රාජ්‍ය දේපල යොදා ගැනීම නැවැත්වීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ ජාලය (NEM IHR ) මැතිවරණ කොමසාරිවරයාගෙන් ඉල්ලා සිටී.
පෙබ,01 (විමසුම) – ගාමිණී විජයබණ්ඩාර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා වශයෙන් ඊයේ පත් කරන ලදී.
පෙබ,01 (විමසුම) – මුලතිව්හි විශ්වමඩු ප්‍රදේශයේ තිබූ කලු කොටි කඳවුරක තිබී මෙතෙක් සොයා ගත් විශාලම අවි ආයුධ තොගය හමු වූ බව ආරක්ෂක අංශ කියයි.