නොවැ,01, (විමසුම) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක් බරැති ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 05.00කින් ඉහළ දැමූ බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.
නොවැ,01, (විමසුම) – අභාවප්‍රාප්ත ආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
නොවැ,01, (විමසුම) – අන්තර්ජාලය ඔස්සේ ජනපතිට හා ආරක්ෂක ලේකම්වරයාට අපහාස කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කළ බව පොලීසිය පවසයි.
නොවැ,01, (විමසුම) – ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබා ගැනීමට සහාය ලබා දෙන බව බල්ගේරියානු ජනාධිපති ජෝර්ජ් පවනෝ පවසයි.
නොවැ,01, (විමසුම) – නැගෙනහිර පළාතේ වාකරෙයි ප්‍රදේශයේ අහිකුණ්ඨික ගම්මානයක් ඉදි කිරීමට රජයේ අවධානය යොමු වේ.