ජන,01,(විමසුම) – ආරක්ෂක හමුදාව විසින් පරන්තන් ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
ජන,01,(විමසුම) –ලැබුවා වූ නව වසරේ ලක්වැසි ජනතාව වෙනුවෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුභ පැතුම් එක් කරයි.
ජන,01,(විමසුම) – සමන්තුරෙයි වීරමුණෙයි හන්දියේදී අද උදෑසන එල්ල වූ ක්ලේමෝ ප්‍රහාරයකින් පොලිස් නිළධාරියෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.
ජන,01,(විමසුම) –නාගදීපයේ ජනතාවට හදිසි අවස්ථාවලදි ප්‍රයෝජනයට ගැනීම සඳහා ගිලන් රථයක සේවය අත්‍යවශ්‍ය වි ඇතැයි නාගදීප විහාරාධිපති පුජ්‍ය නවදඟල පදුමකීර්ති හිමියෝ පවසති.
ජන,01,(විමසුම) – ඉන්දියාව හා ලංකාව අතර ක්‍රිකට් සම්බන්ධයෙන් ඇතිවූ හොඳ හිත පළුදුවීම මගහරවා ගැනීමට කටයුතු කරමින් සිටින බව, ක්‍රීඩා අමාත්‍යවරයා කියයි.