ජූනි,01 (විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, මහ ඇමතිවරුන්ගේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස තේරීපත් විය.
ජූනි,01 (විමසුම) – තෙල් පරිභෝජනය අවම කිරීමට පාසල් පවත්වන දින ගණන 5 සිට 4 දක්වා අඩු කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ වෙනුවට වෙනත් විකල්ප යෝජනා ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ජූනි,01 (විමසුම) – වැල්ලවත්ත බස් නැවතුම් පොළ ආසන්නයේ ඊයේ රාත්‍රියේ පුපුරාගිය අත් බෝම්බයට සැකපිට, 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වැල්ලවත්ත පොලීසිය කියයි.
ජූනි,01 (විමසුම) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියකු වන හඩ්සන් සමරසිංහ මහතා පත් කර ඇත.
ජූනි,01 (විමසුම) – රට පුරා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් 40,000කට ආසන්න ජනතාවක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.