මැයි,01,(විමසුම) – අද උදෑසන කැබිතිගොල්ලෑවේදී, එල්ලවූ ක්ලේමෝ ප්‍රහාරයකින් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් දෙදෙනෙකු මියයයි.
මැයි,02 (විමසුම) -උතුරේ ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊය අතර ඇති වූ ගැටුම්වලින් කොටි ත්‍රස්තවාදීන් 31 දෙනෙකු මිය ගිය බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මැයි,02, (විමසුම) - කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට ශරීර අතවරයක් කිරීමට උත්සාහ කළ හමුදා සොල්දාදුවෙකු හා සිවිල් වැසියන් 04 දෙනෙකු කතරගමදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මැයි,02 (විමසුම) - සේවය හැරගිය හමුදා සෙබළුන් හට නැවත සේවයට එක්වීම සඳහා අද සිට ලබන 16 වන දින මධ්‍යම රාති‍්‍රය දක්වා පොදු සමා කාලයක් රජය විසින් ප‍්‍රකාශයට පත්කරයි.
මැයි,02, (විමසුම) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විශාල කොටස් ප්‍රමාණයක් සතු, එමිරේට්ස් ගුවන් සමාගම සිය ශුද්ධ ලාභය 54.1% කින් වර්ධනය කරගනී.