මාර්තු,01,(විමසුම) –ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ෂෙල් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 261 කින් ඉහළ නඟී.
මාර්තු,01,(විමසුම) –මෝදර බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මිය ගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මාර්තු,01 (විමසුම) – මෝදර බෝම්බ පිපිරුමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩඅංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මාර්තු,01 (විමසුම) – විද්‍යා හා ඉංජිනේරු පීඨය හැර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කිරීමට නියමිත අතර විද්‍යා හා ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 10 වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
මාර්තු,01 (විමසුම) – අද උදෑසන 9.10ට පමණ හලාවත මහවැව ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් අසල සඟවා තිබිය දී අධි බලැති ක්ලේමෝ බෝම්බයක් සොයා ගැනීමට විදුලි බල මණ්ඩල සේවකයකු සමත් වී ඇත.