පෙබ,01,(විමසුම) – ප්‍රථම වතාවට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පවත්වන භාෂා ප්‍රවීණතා පිළබඳ විභාගය මේ මස 23 වනදා පැවැත්වීමට නියමිත වේ.
පෙබ,01,(විමසුම) – ජාතික නිදහස් දිනයේ සියළුම සුරාසැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා ඉල්ලා සිටියි.
පෙබ,01,(විමසුම) – වීරවිල ගුවන් තොටුපොළ ගොඩනැගීමට සහභාගීවීමට උනන්දුවන, ඉන්දියානු කොචින් ගුවන් තොටුපොළ සමාගමේ ධූත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි.
පෙබ,01,(විමසුම) – අඩන්කුලම්, වෙඩ්ඩුකාරි යන ප්‍රදේශවල ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 4 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.
පෙබ,01,(විමසුම) – ජාතික ගමනාගමන කොමිසම ලබා දුන් අවසරය පරිදි අද සිට නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වේ.