2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

සෞබ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්යයි  
07/01/2007 12:24

ජූලි,01 (විමසුම) – සෞබ්‍ය ක්ෂේත්‍රයේ සෑම සේවකයෙකුම ඇඟිලි සලකුණු යන්ත්‍රයේ, පැමිණීම හා පිටවීම සටහන් කිරීම අනිවාර්ය කර ඇති බව සෞබ්‍ය සෞබ්‍ය අමාත්‍යාංශය පවසයි.



ත්‍රිකුණාමලයේ දී ත්‍රස්තවාදීන්ට ප්‍රභල ප්‍රහාරයක්  
07/01/2007 13:08

ජූලි,01 (විමසුම) – අද (01) අළුයම 3.00ට පමණ ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රදේශයේ සැරි සරමින් සිටි ත්‍රස්තවාදීන් පිරිසක් වෙත සිවිල් ආරක්ෂක බලකාය විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් කොටි සාමාජිකයින්ට බලවත් හානි සිදු වී ඇත.



ඇටර්නි ජෙනරාල්වරයාගේ මතය හා ශ්‍රී ලංකා රජයේ මතය  
07/01/2007 15:52

ජූලි,01 (විමසුම) – ශ්‍රී ලංකාවේ ඇටර්නි ජෙනරාල්වරයාගේ මතය ශ්‍රී ලංකා රජයේ මතය පිළිඹිඹු නොකරන බව දන්වමින් ඉන්දීය ප්‍රධානත්වයෙන් යුත් අන්තර් ජාතික මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කමිටුවට තම විමර්ෂන කටයුතු දිගටම කර ගෙන යන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ දී උපදෙස් ලබා දී ඇත.



අතයට ගැහිල්ලක් ?  
07/02/2007 11:25
ජූලි,02,(විමසුම) – හක්මන මුලටියන හා කැලණිය යන ඩිපෝවල බස්රථ සඳහා පුද්ගලික ඉන්ධන හල් වලින් ඉන්ධන ලබාගැනීම නිසා, විශාල වංචාවක් සිදුවන බවට චෝදනා නැගේ.



එල්ටිටිඊ භූගත රෝහලක්, මුතූර් වලින් මතු වේ.  
07/02/2007 11:41
ජූලි,02,(විමසුම) –කොටි ත්‍රස්තවාදින් විසින්, අත්හැර දමා ගිය, භූගත රෝහලක්, මුතූර් පොලිස් වසමේ කැලෑ බඳ ප්‍රදේශයකදි, ආරක්ෂක අංශ විසින් ඊයේ සවස සොයා ගෙන ඇත.

අඩි 20 X 45 ප්‍රමාණයේ මෙම රෝහල මුතූර් පොලිස් වසමේ තෝපුර්, පල්ලිකුරුප්පු හි, පිට්ටිකුලම් ගම්මානයේ කෑලැ බදට වන්නට, පොළව යට ඉදි කර තිබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

අත්හර දමා ගිය, ගිලන් ඇදවල් 02 ක්,බෙහෙත් හා වතුර බවුසරයක් එම ස්ථනයේ තිබි ඇත.

මේ අතරේ අන්නමලේ හා වවිනියාවේ ප්‍රදේශයන් හි තිබි ට් 56 ගිනි අවි ඇතුලු අත්හැර දමා ගිය අවි ආයුධ කිහිපයක් ආරක්ෂක හමුදා විසින් ඊයේ දහවල් සොයා ගෙන තිබුණි.