| ජුනි,01,(විමසුම) –
මෙවර රාජ්‍ය සේවයට උපාධිධාරින් බඳවා ගැනිමේදි, අදාල රාජ්‍ය ආයතනවලට ස්වකීය අභීමතය පරිදි කටයුතු කිරිමට ඉඩ සලසා දි ඇතැයි රාජ්‍ය අදායම් කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මේ අනුව පුරප්පාඩු පවතින අදාල රාජ්‍ය ආයතන රජයේ ගැසට් පත්‍රයේ සහ පුවත්පත් වල පළ කරණ දැන්විම් අනුව සුදුසුකම් සපුරා ඇති උපාධිධාරින්ට ඒ සඳහා අයදුමි කළ හැකි බව අමාත්‍යවරයා “විමසුම”ට සඳහන් කළේය.
පළාත් සභා,පළාත් පාලන ආයතන ඇතුලු පුරප්පාඩු පවතින රාජ්‍ය ආයතන 45 ක් සඳහා මෙම බඳවා ගැනිම් සිදු කරන බව හෙතෙම පවසයි.
කිසිදු දේශපාලන මැදිහත් විමකින් තොරව මෙම බඳවා ගැනිමි සිදු කරන බවද සඳහන් කරන අමාත්‍යවරයා මෙම බඳවා ගැනිමි සිදු කර තුන් මසකට පසුව අදාල ක්‍රියාදාමය ඇගැයිමකට ලක් කිරිමට රජය පියවර ගන්නා බව කීවේය.
පසුගිය වර උපාධිධාරින් 42,000 ක් බඳවා ගැනිමේ ක්‍රියාදාමය බෙහෙවින් සංකිර්ණ මුහුණු වරක් ගත් බැවින් මෙවර අදාල රාජ්‍ය ආයතන වලටම ස්වකිය අභිමතය පරිදි සුදුසුකම් ලද්දවුන් බඳවා ගැනිමට සම්පුර්ණ නිදහස ලබා දුනු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
මෙවර උපාධිධාරින් 20,000 ක් බඳවා ගැනිමට රජය සුදානමි වෙත්දි ගියවර බඳවා ගත් උපාධිධාරින් ස්වකිය උගත් කමට සරිලන සේවයක් තම රැකියාව හරහා රටට ලබා දිමට නොහැකිව ලතවෙමින් සිටින බවට වන මැසිවිලි තවමත් බොහෝ රාජ්‍ය ආයතන වලින් ඇසෙන්නට ලැබේ.
|