| මැයි,03,(විමසුම)- ලෝක ක්‍රිකට් අනුශුරතාවය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන 7.30 ට පමණ දිවයිනට ළගා වූහ.
කටුනායක ගුවන්තොටුපොලේ දී මැති ඇමතිවරු ප්‍රමුඛ ක්‍රිකට් අතුරු කමිටුවේ නිළධාරීහු විසින් ඉතා හරසරින් ඔවුන් පිළි ගනු ලැබුහ.
කටුනායක සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා කණ්ඩායම විශේෂ රථ පෙරහැරකින් මේ වනවිට රැගෙන එමින් සිටින අතර ඒ අතර මග ස්ථාන 05 කදි ඔවුන් පිළිගැනිමට විශේෂ කටයුතුද සුදානම් කර තිබුණි. ඉතා විශාල ජනකායක් ඔවුන් පිළි ගනු පිණිස මේ වන විටත් කටුනායක කොළඹ මහ මාර්ගය දෙපස රැඳී සිටී.
නිදහස් චතුරස්‍රයේ විශේෂ වේදිකා පරිශ්‍රයක සිට දේශීය සංස්කෘතිකාංග වලට මුල් තැන දෙමින් පවත්වන විශේෂ උත්සවයක් මගින් විශේෂ පිළිගැනිමේ උළෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව ක්‍රිඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇත.
ශ්‍රි ලංකා කණ්ඩායම දිනූ අනුශූරතාව උපහාර පිණිස පසුගිය සඳුදා විශේෂ සමරු මුද්දර 02 ක් නිකුත් කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
|