2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

එල්.ටී.ටී.ඊ මුහුදු කොටි කඳවුරකට ගුවන් ප්‍රහාර  
04/01/2007 14:48

Air Force Attacks LTTE Sea Tiger Base

අප්‍රෙල්,01 (විමසුම) - අද (01දා) අලුයම 12.30ට පමණ ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ළට පිටතින් පිහිටි ප්‍රදේශයේ සිට එල්.ටී.ටී.ඊය විසින් ආරක්ෂක හමුදා වෙත මෝටාර් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඊට පිළිතුරු වශයෙන් ගුවන් හමුදාවේ එම්.අයි. 24 ප්‍රහාරක යානා මගින් එම ස්ථානවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත‍ි බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර අද (01දා) උදෑසන 4.30ට පමණ මන්නාරම කිරින්ච්චි ප්‍රදේශයේ හඳුනාගත් මුහුදු කොටි කඳවුරු වෙත ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මගින් ප්‍රහාරයක් එල්ල කර ඇත‍ි බව ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.



නවසීලන්තයට කඩුලු 7ක ජයක්  
04/01/2007 15:54

ICC Cricket world cup 2007(Super Eight Stage) - New Zealand beat West Indies by 7 wickets

අප්‍රෙල්,01,(විමසුම) - නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වුණු එක් දින තරඟයෙන් නවසීලන්තයට කඩුලු 7ක ජයක් අත් විය.සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු මෙම තරඟයේ දී තරඟයේ වීරයා බවට පත් වූයේ ජේකොබ් ඕරම්ය.



අයර්ලන්ත තරඟයෙන් එංගලන්තයට ලකුණු 48ක තියුණු ජයක්  
04/01/2007 17:04

ICC Cricket world cup 2007(Super Eight Stage) - England beat Ireland by 48 runs

අප්‍රෙල්,01,(විමසුම) - අයර්ලන්තය හා එංගලන්තය අතර පැවැත්වුණු එක් දින තරඟයෙන් එංගලන්තයට ලකුණු 48ක තියුණු ජයක් අත් විය.ගුයානා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු මෙම තරඟයේ දී තරඟයේ වීරයා බවට පත් වූයේ එංගලන්ත ක්‍රීඩක පෝල් කොලින්වුඩිය.



ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්  
04/01/2007 17:20

ICC Cricket world cup 2007(Super Eight Stage) - Australia beat Bangladesh by 10 wickets

අප්‍රෙල්,01,(විමසුම) - ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර පැවැත්වුණු එක් දින තරඟයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් අත් විය.සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු මෙම තරඟයේ දී තරඟයේ වීරයා බවට පත් වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක් ග්‍රාත්ය.



අම්පාරේ දී, බස් රථයක් තුළ දරුණු පිපිරීමක්.  
04/02/2007 15:09
අප්‍රේල්,02,(විමසුම) -(සිව්වන සංස්කරණය)අද දහවල් 12.10 ට පමණ, අම්පාර- බදුල්ල මගී බස් රථයක් තුළ, බෝම්බයක් පුපුරා යෑමෙන්, මේවනවිට 17 දෙනෙකු මියගොස් තවත් 25ක් තුවාල ලබා තිබේ.