මාර්තු01,(විමසුම)- රාජ්‍ය බැංකු සේවකයින් විශ්‍රාම වැටුප් අයිතිය ඉල්ලා අද ට යොදා ගෙන තිබු සංකේත වැඩවැරුම ලබන 20 දාට කල් දැමු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
මාර්තු 01(විමසුම)-මන්නාරම් කුරක්කායි ප්‍රදේශයේ හඳුනාගත් එල්.ටි.ටි.ඊ පුහුණු කඳවුරු 02 කට ගුවන් හමුදාව අද පෙ.ව 7.55 ට පමණ සාර්ථක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මාර්තු 01,(විමසුම)-අනුරාධපුරයේදි,ගුවන් හමුදා පුහුණු යානයක් යාන්ත්‍රික දෝෂයක් නිසා අද දහවල් 12.15 ට පමණ කඩා වැටිමෙන් එම යානයේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් ඇත.