|
සාලිය කුලරත්න
අංශාධිපති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
වසන්ත උත්සවය පිළිබඳ අදහස භාරතයෙන් ලංකාවට පිළිපන්නකි’යි සිතේ. වසන්ත උත්සවයකදී සෝමපානයෙන් මත්වී, ප‍්‍රියයන් සමඟ රමණය කළ ස්ති‍්‍රයක විඩාපත් ව සිටින අන්දමේ ශ්‍රේෂ්ඨ ගල් කැටයමක් මථුරාවෙන් ලැබී තිබේ. ප‍්‍රියයන් හා ප‍්‍රියම්බිකාවන් පෙම්සුව විඳීම පිණිස එක්වන වසන්ත කාලය පිළිබඳ අදහසක් ඉසුරුමුණි පෙම්යුවළෙන් ද නිරූපිත ය.
|