2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

කොළඹ, ශාස්ත්‍ර පීථයේ අධ්‍යයන කටයුතු නවතී  
08/09/2008 14:00

අගෝ,09 (විමසුම) – විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත සිදු කොට ඇති අභූත චෝදනා හේතුවෙන් සියලු විශ්ව විද්‍යාල දේශන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීථයේ ආචාර්ය මණ්ඩලය පවසයි.



”ප්‍රභාකරන්ට වුනත් මහ ඇමති වෙන්න පුළුවං”  
08/09/2008 15:00
ඇමති ලක්ෂ්මන් යළිත් අවධාරණය කරයි

අගෝ,09 (විමසුම) – අවි බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ නම් කොටි නායක ප්‍රභාකරන්ටවුව ද මෙම රජය යටතේ මහ ඇමතිවීමට හැකිවන බවට ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.



”බජට් ෂොප්” හබක් වෙයි  
08/09/2008 16:30

අගෝ,09 (විමසුම) – සාක් සමුළුව නිමිත්තෙන්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් වසා දැමුණු රාජගිරිය බජට් ෂොප් තොග වෙළෙඳසල මෙතෙක් විවෘත නොකිරීමට විරෝධය දැක්වීම් වස් අද උද්ඝෝෂණයක් පැවැත්විණ.



තැපැල් ඡන්දෙ දාන්න තවත් දවසක්...  
08/09/2008 17:00

අගෝ,09 (විමසුම) – පසුගිය දිනවලදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද අපේක්ෂකයින්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දිය හැකි බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා කියයි.



දිනය අවසන ශ්‍රී ලංකාව ලකුණු 2ක් ඉදිරියෙන්  
08/09/2008 17:45

අගෝ,09 (විමසුම) – පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගය දෙවන දිනය සඳහා අයහපත් කාලගුණය හේතුවෙන් නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ලකුණු 2ක් ඉදිරියෙන් සිටී.