ජන,09,(විමසුම) - ටී.මහේෂ්වරන් මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවා අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළත් ඔහු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන් අපොහොසත් වෙයි.
ජන,10,(විමසුම) – ජාතික චිත්‍රපට සංස්ථාවේ උපදේශක තනතුරට පත් ටී.එම්.සංඝදාස මහතා අද දින පෙරවරු 9 ට යෙදෙන සුභ මෙහොතින් නව තනතුරේ වැඩ භාර ගනී.
ජන,10,(විමසුම) – ඇමරිකානු හා යුරෝපීය වෙළඳ පොළට ඇඟලුම් යැවීමේදී චීනයට තිබූ සමහර සීමා අහෝසි වීමෙන් පසුව, ඉන් වැඩිම තර්ජනය එල්ලවන දකුණු ආසියාවේ රට ලංකාව බව, ලෝක බැංකුව කියයි.
ජන,10,(විමසුම) – අ.පො.ස. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා වසා තිබූ පාසැල් අද දින ආරම්භ වෙයි.
ජන,10,(විමසුම) – අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 64,842 ක් ගංවතුරෙන් පීඩාවට පත් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.