| රංගේ ක්‍රමයෙන් සුව අතට
අප්‍රේල්,11,(විමසුම) – පාලිත රංගේ බණ්ඩාරට පහරදී මාරාන්තික තුවාල සිදු කළබව කියන එ.ජා.ප පරාජිත අපේක්ෂක ශාන්ත අබේසේකර ඇතුළු 05 ක් ලබන ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඊයේ සවස තම පාක්ෂිකයින්ගෙන්ම මැර ප්‍රහාරයකට ලක් වූ එක්සත් ජාතික පෙරමුණින් පුත්තලම දිස්ත්‍රික්කයේ මුලට පැමිණි පාලිත රංගේ බණ්ඩාර මහතා මේ වනවිට ශල්‍යකර්මයකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.
|