මාර්තු,11,(විමසුම) – ඉදිරියේ දී මහජන සහභාගීත්වයෙන් සිදු කෙරෙන සියළුම උත්සව අවස්ථාවන් පැවැත්වීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බව එම අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
මාර්තු,11,(විමසුම) - ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම සඳහා කොළඹ -01 ජනාධිපති මාවතේ පිහිටි සෙලින්කෝ මන්දිරය විකිණීමට සෙලින්කෝ සමාගම සූදානම් වේ.
මාර්තු,11,(විමසුම) - දැනට බන්ධනාගාර ගතකර සිටින ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ ඇප ඉල්ලීම මහාධිකරණයට යොමුකර තිබෙන නිසා, එය සලකා නොබැලීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා තීරණය කරයි.
මාර්තු,12,(විමසුම) - පැහැර ගත්තා යැයි, පැමිණිල්ලක් ලැබූ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ධම්මික ගංගානාත් දිසානායක යළි සිය නිවසට පැමිණ තිබෙන බව පොලීසිය කියයි.
මාර්තු,12,(විමසුම) – කොළඹ දකුණු වරායේ බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට විවෘත කර තිබෙන ටෙන්ඩරයට දෙස් විදෙස් සමාගම් වලින් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව වරාය සංවර්ධන අමාත්‍යවරයා කියයි.