ජන,11 (විමසුම) – අද උදෑසන 11.20ට පමණ චුන්ඩිකුලම කලපුව අසළ නවතා තිබූ විශාල කොටි බෝට්ටුවකට සාර්ථක ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ගුවන් හමුදාව සමත් වෙයි.
ජන,11 (විමසුම) – ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් හා “සිරස”ට පහරදීම සම්බන්ධයෙන් වහාම අන්තර්ජාතික බුද්ධි අංශයන්හි සහයෝගය ද ලබා ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජන,12,(විමසුම) – ටීගෝ ජංගම දුරකතන සමාගමට මේ වනවිට මිලියන දෙකක පාරිභෝගිකයින් සිටින බව, සමාගම කියයි.
ජන,12,(විමසුම) – ඝාතනය කෙරුණු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
ජන,12,(විමසුම) – ඊයේ දිනය පුරා ඕමන්තේ මුරපොළ හරහා රජයේ පාලන ප්‍රදේශ වලට 60 දෙනෙකු පැමිණි බව, පොලීසිය කියයි.