ජන,12,(විමසුම) – මංතීරු හතරකින් සමන්විත පන්නිපිටිය ගුවන් පාලම ජනාධිපතිවරයා අතින් අද උදෑසන විවෘත විය.
ජන,12,(විමසුම) – මඩු වන්දනාකරුවන්ගේ පහසුව සඳහා මඩු මාර්ගය අද සිට පැය විසිහතර පුරාම විවෘත කරන බව, හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ජන,12,(විමසුම) – එන්වය(ර්)මන්ටල් රිසෝසර්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, එකක් රුපියල් 30 බැගින් වූ කොටස් 69,544,320 ක හිමිකම් නිකුතුවක් කිරීමට සූදානම් වේ.
ජන,12,(විමසුම) – යුද්ධයෙන් පීඩනයට පත්වූ මෙරට උතුරු-නැගෙනහිර ප්‍රදේශ පුනරුත්ථාපනයට ලෝක බැංකුවෙන් මේ වසරේදී විශාල ණය මුදල් ප්‍රමාණයක් ලැබීමට නියමිතය.
ජන,12,(විමසුම) – යුනිලීවර් සමාගම රුපියල් මිලියන 4000 ක වියදමකින් හොරණ කර්මාන්ත පුරයේ අක්කර 30 ක භූමියක නව කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර ගනී.