මේ දිනවල ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන චරිතයක් වන ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට විරුද්ධව වරෙන්තු 05 ක් නිකුත් කර තිබූ බව පොලීසිය කියයි.
අර්ථ සාධක අරමුදල විසින් බැංකුවල කොටස් මිලදී ගැනීම පිළිබඳව විවේචන එල්ල වෙද්දී සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සියලු ගනුදෙනු පිළිබඳව විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලයි.
මිහින් ලංකා ගුවන් සේවය කොළඹ- කත්මන්ඩු අතර සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි නොලැබීම හමුවේ ජල විදුලි උත්පාදනය විශාල ලෙස අඩුවී තිබෙද්දී විවිධ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තාවන අතර මෙය නොදන්වා විදුලිය කැපීමකැයි අදාළ ප්‍රදේශයන්හි වැසියෝ චෝදනා කරති.
රජය විසින් මාර්ග හා වරායන් තැනීමට පුද්ගලික ප්‍රාග්ධනය වැඩිකිරීමට බලාපොරොත්තු වන මෙවන් අවස්ථාවක මෙරට බැංකු යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ණය ලබාදීමට සූදානම් විය යුතුබව ආයෝජන බැංකුකරුවෙකු කියයි.