අප්‍රේල්,11,(විමසුම) – දින පහක් පැවති ලංගම බස්රථ වර්ජනය අද පෙරවරුවේ අවසන් කිරීමට ලංගම වෘත්තීය සමිති තීරණය කරයි.
අප්‍රේල්,11,(විමසුම) –විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා හට ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි කළ අභියෝගය පිළි ගෙන ලබන 25 වනදාට පෙර විවාදය පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය රජයට කියයි.
අප්‍රේල්,11,(විමසුම) –වසර 12ක් තිස්සේ පතුරමක් ශරීරගතව තිබූ ඇල්බේනියානු කාන්තාවකගේ එම පතුරම පසුගියදා ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වේ.
අප්‍රේල්,12,(විමසුම) – දකුණු සුගන්ධිපුරම් ප්‍රදේශයේදී, කොටි සාමාජිකයෙකු පුපුරවාගෙන මැරේ.
අප්‍රේල්,12,(විමසුම) – කොටි ග්‍රහණයෙන් මිදුණු තවත් සිවිල් වැසියන් 270 දෙනෙකු අම්පලාවන්පොක්කනී ප්‍රදේශයේ සිටින ආරක්ෂක අංශ වෙත පැමිණේ.