මාර්තු,08,(විමසුම) – 2009 වසරේ මෙරට අයවැය හිඟය සියයට 10.2 ක් තරම් ඉහළ ගොස් තිබියදී මුදල් අමාත්‍යංශය විසින් නොම්මර විජ්ජාවක් කර එය සියයට 9.7 ක් යැයි පෙන්වා තිබෙන බව, අර්ථ ශාස්ත්‍රඥයෙකු පවසයි.
මාර්තු,08,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩනය කිරීමේදී තිස්පස් දෙනෙකුගේ සාක්ෂි ලබාගෙන තිබෙන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
මාර්තු,08,(විමසුම) – ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමේ හා විදේශ විනිමය වෙළඳ පොළ ස්ථාවර කිරීමේ අරමුණෙන් මහ බැංකුව විනිමය පාලන නීති තවදුරටත් ලිහිල් කරයි.
මාර්තු,09,(විමසුම) – ඇමරිකාවේ සිටින සිය දූවරුන් දෙදෙනාට කතා කිරීමට හමුදාව දුරකතන පහසුකම් සැපයුවත් එය ප්‍රතික්ෂේප කරමින් ජෙනරාල් සරත් ෆොන්සේකා තවදුරටත් ආහාර වර්ජනයේ යෙදී සිටින බව ඔහුගේ බිරිඳ කියයි.