පෙබ,17,(විමසුම)- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, අද පැවැත්වෙන අවසාන, එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 47 අවසන් වනවිට, කඩුළු 07 කට ලකුණු 259 ක් ලබා ගනී.
පෙබ,17,(විමසුම)- අද (17දා) උදෑසන 9.45 ට පමණ වවුනියාව පණ්දාරිකුලම් ප්‍රදේශයේ සිවම් කෝවිල ආසන්නයේ පිහිටි පොල් ගසක අටවා තිබූ ක්ලේමෝ බෝම්බයක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුපුරවා හැර තිබේ.
පෙබ,17,(විමසුම)- අද (17දා) උදෑසන 11.50 ට පමණ යාපනය පරණ උද්‍යාන මාවතේ දී සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඉලක්ක කර ගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය සමත්ව තිබේ.
පෙබ,17,(විමසුම)- ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද දින (17 දා) ඉන්දියාවේ විශාඛාපට්නම් හිදී පැවති අවසාන එක් දින තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
පෙබ,18,(විමසුම)- අද (18දා) උදෑසන 6.30ට පමණ මඩකළපුවේ වවුනතිවු විශේෂ කාර්ය බලකා කඳවුර වෙත එල්.ටී.ටී.ඊයෙන් මෝටාර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.