ජන,09,(විමසුම) – පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා හට සහාය දීමට තීරණය කළේ කිසිදු කොනදේසියකින් තොරව බව කලාකරුවෝ පවසති.
ජන,10,(විමසුම) – පකිස්තානයෙන් ආනයනය කිරීමට නියමිත සහල් තොගයේ ප්‍රථම තොගය වූ මෙට්‍රික් ටොන් 2,000 අද දිවයිනට නැව් මගින් ළඟාවන බව රජය පවසයි.
ජන,10,(විමසුම) – තමිල්නාඩුවේ සංචාරයක යෙදී සිටින කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාට කොටි හිතවාදී පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට දැරූ උත්සාහයක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජන,10,(විමසුම) – නව වසර සඳහා හිඟ පාසැල් පෙළ පොත් බෙදාදීම හෙට (11 වනදා) සිදුකරන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
ජන,10,(විමසුම) – රණ විරුවන් ලබාදුන් යුද ජයග්‍රහණය කිසිවෙකුටත් පාවාදීමට තමා ඉඩ නොදෙන බව ජනපතිවරයා අද යාපනයේදී පැවසීය.