සැප්,08,(විමසුම) – අද උදෑසන මඩකලපුව මාන්තිවු දූපතේ පිහිටි රෝහලක ගින්නක් හටගෙන ඇති අතර ගුවන් හමුදා භටයින් විසින් රෝහලේ සිටි පුද්ගලයින් බේරාගත් බව ගුවන් හමුදාව පවසයි.
සැප්,08,(විමසුම) – විධායක ජනපති ක්‍රමයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදීමක් අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
සැප්,08,(විමසුම) – ගාලු දිසා සන්ධාන අපේක්ෂක සජින් ද වාස් ගුණවර්ධනගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් විසින් පක්ෂ විපක්ෂ අනිකුත් ආධාරකරුවන් ඉලක්ක කරමින් “මනාප භීෂණයක්” මුදා හරිමින් සිටින බව, මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
සැප්,08,(විමසුම) – ෆස්ට් ගාඩියන් ඉක්විටීස් කොටස් තැරැව්කාර සමාගම එස්.එම්.එස් මගින් කොටස් අයදුම් පත්‍ර ලබාදීමේ සේවයක් අරඹා ඇත.
සැප්,08,(විමසුම) – අද කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය මාස 28 ක වාර්තාවක් තබමින් ඒකක 2,724 ක අගයක් ගත්තේය.