ඔක්,09,(විමසුම) – පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා දෙදින නිළ සංචාරයක් සඳහා අද (09) ශ්‍රී ලංකාවට පැමිණේ.
ඔක්,09,(විමසුම) – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව පස්මහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අතින් අද පෙරවරුවේ සිදුවිය.
ඔක්,09,(විමසුම) – වසර 02 කට අධික කාලයකට පසුව කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 2000 ට අඩු අගයක් ගනිමින් අද පෙරවරුවේ ඒකක 1,999.95 ක අගයක් ගත්තේය.
ඔක්,09,(විමසුම) – පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා මෙරටට පැමිණීම නිමිත්තෙන් අද ( 09) කටුනායක ගුවන් තොටුළේ සිට කොළඹ දක්වා ගමන් මාර්ගය පස්වරු 2.30 න් පසු පැය භාගයක් වසා තබන බව රථවාහන පොලිසිය පවසයි.
ඔක්,09,(විමසුම) – මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු 02 කට අද උදේ 7.45 ට ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා මගින් ප්‍රහාර එල්ල කර ඇත.