ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.5 ක ණය වැඩසටහන ලබන ජූලියේදී අවසන් වීමෙන් පසුව යළිත් මූල්‍ය අරමුදල සමග එවැනි වැඩසටහනක් ඇතිකර ගැනීමට ලංකාව උනන්දු වේ.
රුපියල් ට්‍රිලියනයක ශේෂ පත්‍රයක් සහිත ලංකාවේ පළමු ව්‍යාපාරික ආයතනය බවට ලංකා බැංකුව ගෙවුණු මැයි 31 වනදා වනවිට පත්වූ බවත් වසර දෙකහ මාරක් තුළ සිය ශේෂ පත්‍රයේ දෙගුණයක වර්ධනයක් ඇතිවූ බවත් ලංකා බැංකුවේ ප්‍රධානියා කියයි.
2012 පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 7.9 කින් වර්ධනය වී තිබෙන අතර කෘෂි අංශය සියයට 11.5 කින්ද, කර්මාන්ත අංශය සියයට 10.8 කින්ද, සේවා අංශය සියයට 5.8 කින්ද වර්ධනය වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වේ.
Sri Lanka state-carrier raises US$175mn from Islamic loan
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බැංකු කිහිපයකින් ඉස්ලාමීය ණය වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක මුදලක් ලබාගත් බව සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ කියයි.
කියුබාවේ තෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා කියුබානු උප ජනාධිපතිවරයා අතර හවානා නුවරදී ඊයේ පැවැත්වුණු සාකච්ඡා වලදී මෙරට පොල් කර්මාන්තය සංවර්ධනය කිරීමට කියුබාවෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදීමට එකඟ වී තිබේ.