සැප්,06 (විමසුම) – මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල වලට අනුව පාකිස්තාන ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබීමට හිටපු අගමැතිනි (හා ඝාතනය කෙරුණු) බෙනාසීර් භූතෝගේ සැමියා වන අසීෆ් අලි සර්දාරි මහතා සමත් වෙයි.
සැප්,07 (විමසුම) – යල කන්නයේදී නිෂ්පාදනය කෙරෙන වී වලින් මෙටි‍්‍රක් ටොන් 140,000ක් ආරක්ෂණ තොගයක් ලෙස ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන බව රජය නිවේදනය කරයි.
සැප්,07 (විමසුම) – පුනරීන් ප්‍රදේශයේ හඳුනාගත් මුහුදු කොටි කඳවුරකට අද උදෑසන දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි.
සැප්,07 (විමසුම) – මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරඟාවළියේ බී කාණ්ඩයෙන් අවසන් පූර්ව තරඟයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
සැප්,07 (විමසුම) – ගලේවෙල හා දඹුල්ල යන ප්‍රාදේශීය සභාවල විපක්ෂ නායක තනතුරු අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි.