දෙසැ,07 (Vimasuma) – දැනට පවතින සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙසැ,07 (Vimasuma) – උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී සංධානයට හිමි වූ මනාප ඡන්ද ගණන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව යළිත් ගණන් කෙරුණු අතර ඉන් දැනටමත් පත් කොට ඇති මන්ත්‍රීවරුන්ගේ කිසිදු වෙනසක් සිදු නොවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.
දෙසැ,07 (Vimasuma) – ජනප්‍රිය ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වූ මර්වින් පෙරේරා මහතා අද සවස කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
දෙසැ,07 (Vimasuma) – රටක පොදු නීතිය හා පාලන සම්ප්‍රදාය තුළට ආගමික නිදහසේ නාමයෙන් මූලධර්මවාදී අදහස් ව්‍යාප්ත කිරීමට තමන් එරෙහි වන බව ජාතික හෙළ උරුමයේ ලේකම් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
දෙසැ,08, (Vimasuma) – අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද සිට ආරම්භ වේ.