ඔක්,06 (විමසුම) – ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ද යාපනයේ ජනතාවට සහනාධාර රැස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ඉන්දියාවෙන් වාර්ථා වේ.
ඔක්,06 (විමසුම) – මූලික ඉල්ලීම් 7ක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ලබන 10 වැනිදා ලෙඩ නිවාඩු දැමීමට සූදානම් වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
ඔක්,06 (විමසුම) – වෙල්ලස්ස උදානය ජාතික මහෝත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුත්තල පැලවත්ත සීනි කර්මාන්තශාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
ඔක්,06 (විමසුම) – පාකිස්ථානු හිටපු ජනාධිපතිවරයා නැවත වරක් පාකිස්ථානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයි වාර්ථා වේ.
ඔක්,07 (විමසුම) – තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව තැපැල්කරුවන් 1,200ක් බඳවා ගැනීමට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්ථා වේ.