පෙබ,07,(විමසුම) – උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2010 පළමු කාර්තුව වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,131 ක මුදලක් වෙන්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පෙබ,07,(විමසුම) – ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තනිව තරග කිරීමට තීරණය කර ඇතිබව දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ටී.එම්.වී.පී පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පෙබ,07,(විමසුම) – ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණ යටතේ ඉදිරිපත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පෙබ,07,(විමසුම) – පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සකස් කෙරෙන පොදු විපක්ෂයේ ඡන්ද පෙත්සම මෙම සතිය ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පෙබ,07,(විමසුම) – කුවේටයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී පිළිගත් විදේශ රැකියා ආයතනවලින් පමණක් ගෙන්වා ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.