2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා කඩයි.  
02/13/2007 18:04
පෙබ,13,(විමසුම)-කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට, එහි නිර්දේශිත දර්ශකය වන සමස්ත මිළ දර්ශකය අද ඒකක 3000 සීමාව ඉක්මවිය.



නිල රතුවෙයි. වංචා වැලකෙයි.  
02/14/2007 11:02
පෙබ,14,(විමසුම)- භූමිතෙල් වංචා සහගත ලෙස, පෙට්ට්‍රල් හා ඩීසල් සමග මිශ්‍රකර අළෙවි කිරීම වැලැක්වීමට, ලංකා භූමිතෙල් රතු පැහැයෙන් වෙළඳ පොළට නිකුත් කිරීමට, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබේ.



ක්ලේමෝ ප්‍රහාරයකින්,සිවිල් වැසියන් 12 කට තුවාලයි.  
02/14/2007 12:30
පෙබ,14,(විමසුම)- සිවිල් වැසියන් ගමන්ගත් වෑන් රථයකට, අම්පාර, අරන්තලාව ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන්, 12 දෙනෙකු තුවාල ලබා ඇති බව, ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.



ශ්‍රී ලංකාව 230/8 යි.  
02/14/2007 13:44
පෙබ,14,(විමසුම)- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, අද පැවැත්වෙන, එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50 අවසන් වනවිට, කඩුළු 08 කට ලකුණු 230 ක් ලබා ගනී.



“සේව් ද චිල්ඩ්රන්” රජයෙන් සමාව අයදී.  
02/14/2007 14:50
පෙබ,14,(විමසුම)- “සේව් ද චිල්ඩ්රන්” රාජ්‍ය නොවන සංවිධානය නිකුත්කළ, සුනාමි අධාර තොගයක්, එල්.ටී.ටී.ඊ කඳවුරුවල තිබී සොයා ගැනීම පිළිබඳව, එම ආයතනය රජය වෙත කණගාටුව ප්‍රකාශකර ඇතැයි, හමුදා ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.