පෙබ,01 (විමසුම) – හඟුරන්කෙත අද පැවති මැතිවරණ රැළියක දී තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එක්විය.
පෙබ,01 (විමසුම) – ‘එක මවකගේ දරුවෝ’ යන තේමාව යටතේ නිදහස් දිනය දා උත්කර්ෂවත් ලෙස ඇරඹෙන ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය පාසල් ළමයින්ට සහ ගුරුභවතුන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බව රජය නිවේදනය කරයි.
පෙබ,02 (විමසුම) – මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක 02කට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පෙබ,02, (විමසුම) – වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට සිදු කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
පෙබ,02,(විමසුම) – එල්.ටී.ටී.ඊ.ය ලබන පරාජය හමුවේ කොටි සාමාජිකයින් සිය නිළ ඇඳුම් ගලවා දමා සිවිල් වැසියන් ලෙස පළායන බව ආරක්ෂක අංශ කියයි.