ජන,01,(විමසුම) – ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව විසින් සේවයෙන් දොට්ට දැමූ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් 16 දෙනා, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යළි සේවයේ පිහිටුවයි.
ජන,01,(විමසුම) – අද උදෑසන කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල පිහිටි එල්.ටී.ටී.ඊ. ඉලක්ක කිහිපයකට ගුවන් හමුදාව ප්‍රහාර එල්ලකළ බව ආරක්ෂක අංශ පවසයි.
ජන,01,(විමසුම) – එ.ජා. මහ ලේකම්වරයාගේ නියෝජිතයා අවතැන්වූ ජනතාව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකිරීම නිවැරදි නොවන බව, මානව හිමිකම් අමාත්‍යවරයා කියයි.
ජන,01,(විමසුම) – මාලදිවයිනේ නව ජනපති මොහමඩ් නෂීද් දෙදින නිළ සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණේ.
ජන,01 (විමසුම) – කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සිදුකොට ඇති අතර අද සවස අරලියගහ මන්දිරයේදී මෙම නව අමාත්‍ය ධුරයන්හි දිවුරුම්දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.