සැප්,01,(විමසුම) – රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් කිරීමට නොහැකි වුවහොත් තමා ආණ්ඩුවට නොයන බවත්, මහියංගනයේ කුඹුරු කෙටීමට යෑම ආණ්ඩුවට යෑමට වඩා හොඳ බවත්, ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීරයා කියයි.
සැප්,01,(විමසුම) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වනබව විභාග කොමසාරිස්වරයා පවසයි.
සැප්,01,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් සමාගම අලෙවි කරන කිලෝ ග්රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 189 කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
සැප්,01,(විමසුම) – නාච්චිකුඩා ප්‍රදේශයේ කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර, ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කරයි.
සැප්,01,(විමසුම) – ගෑස්මිල සූත්‍රයට අනුව, මෙවර ගෑස් මිල වැඩිවුවත්, නොවැම්බර් පළවනදාට ගෑස්මිල අඩුවන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.