දෙසැ,01 (Vimasuma) –දකුණු ආසියාවේ දිගින් දිගටම සිදු වන ත්‍රස්ත ප්‍රහාර හමුවේ මීළඟ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.
දෙසැ,01 (Vimasuma) –දේශීය ක්‍රිකට් විනිසුරුවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ මණ්ඩලය විසින් ප්‍රථම වතාවට ජාත්‍යන්තර හුවමාරු වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දෙසැ,01 (Vimasuma) –ආන්දෝලනාත්මක තෙල් හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතා ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක රජය යෙදී සිටින්නේ යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දෙසැ,01 (Vimasuma) –ඉන්දීය රජයෙන් ලැබුණු ආහාර සහනාධාර මෙට්රික් ටොන් 1650ක් රැගත් ලොරි 50ක් අද දිනයේ මුදා නොගත් ප්‍රදේශ වෙත පිටත් කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පවසයි.
දෙසැ,01 (Vimasuma) –මැලේසියාවේදී ඉන්දීය සිසු කණ්ඩායමකගේ මැර ප්‍රහාරයකට ලක්ව මිය ගිය සරසවි සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් නීතිමය පරීක්ෂණ ආරම්භ කරන ලෙසට තානාපති අංශය එරට රජයෙන් ඉල්ලීමක් කරයි.