2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

මහ වැස්සට ජිවිත 06 ක් බිලි!  
05/03/2007 11:14
මැයි,03,(විමසුම)- අද උදෑසන සිට කොළඹ හා දිවයිනේ බෝහො ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි මේ වනවිට ජිවිත 06 ක් බිලි ගනිමින් ,වෙසක් තොරණ ඉදිකිරිම් බිම හෙලිම් ඇතුලු බොහෝ අලාභ හානි සිදු කර ඇතැයි ජාතික අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, , කොළඹට අද දහවල් වනවිට මිලි මීටර් 121 ක පමණ වර්ෂාපතනයක් ලැබී තිබු අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නොකඩවා එම වැසි අද දවස පුරා අඛන්ඩව ඇද හැලෙන ස්වරුපයක් පවතින බවද සඳහන්ය..

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිව ඇති දැඩි කැලඹිලි ස්වරුපයක් මෙම හදිසි කාළගුණ විපර්යාසයට හේතුව බව දෙපාර්තමේන්තුව කියයි.

අද අලුයම සිට කොළඹට ඇද හැලෙන අධික වර්ෂාවෙන් හා හමාගිය සුළං නිසා 44 වැනි වරටත් කොළඹ තොටළග ඉදිකර තිබු තොරණ හා කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශ වල ඉදි කර තිබු තොරණ 02 ක් කඩා වැටී තිබුනේ විශාල අලාභ හානි සිදු කරමින්ය.

මේ සමගින් කොළඹ බොහෝ වෙසක් සැරසිලි ද වැස්සට දියවී ගොස් තිබුණේ තෙවැනි දිනටත් වෙසක් සිරි නැරඹිමේ අවස්ථාව ජනතාවට අහිමි කරමිනි.

කොළඹ විථි බොහොමයක් මේ වනවිටත් ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා මතු වී ඇති අතරේ කොළඹ අක්‍රමවත් කානු පද්ධති නඩත්තුව හා අනාරක්ෂිත විදුලි කණු ඇදිම් නිසා අහිංසක ජිවිත 02 ක්ද අද අකාලයේ අහිමි විණි.

කොම්පඤඤවිදීය ප්‍රදේශයේ විදුලි කාන්දුවිමක් නිසා මහමග ගමන්ගත් කාන්තාවක මියගිය අතර කොළඹ විජේරාම ප්‍රදේශයේ අක්‍රමවත් කානු පද්ධතියක ගිලි යාමෙන් මොරටු ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක ද මිය ගියාය.

මීට අමතරව ගාල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු මිය ගොස් ඇත.



පොලිස් භටයෙකු මරුට.  
05/03/2007 11:38
මැයි,03,(විමසුම)- අද උදෑසන වව්නියාව- මන්නාරම මාර්ගයේ ස්ථානයක දී, එල්.ටී.ටී.ඊ.ය විසින් එල්ල කරන ලද සුළු අවි ප්‍රහාරයකින් පොලිස් භටයෙකු මියගොස් ඇත.



තේ නිපදවීමේ ලොව වැඩිම පිරිවැය ලංකාවේ.  
05/03/2007 17:17
මැයි,03,(විමසුම) - පොහොර මිල වැඩිවීම, මේ වසරේ තේ නිෂ්පාදනය වැඩිකිරීමට බාධාවක්ව තිබෙන බව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.



චන්ද්‍රිකා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩලා.  
05/03/2007 18:13
මැයි,03,(විමසුම)- හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනිව ක්‍රියා කිරීම නිසා, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



ගුවන්තොටුපොළ 10 දා සිට රාත්‍රියට වැසේ!  
05/03/2007 19:03
මැයි,03,(විමසුම)-බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල මෙම 10 දා සිට නැවත දන්වන තුරු රාත්‍රී කාලයේ ගුවන් ගමන් සඳහා වසා දැමීමට රජය තිරණය කර ඇත.

ඒ අනුව මෙම 10 දා සිට දිනපතා රාත්‍රී 10.30 සිට අලුයම 4.30 තෙක් ගුවන් තොටුපොළ වසා දැමෙන බව ගුවන් සේවා අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා "විමසුම" ට පැවසීය.

බොහෝ ගුවන් සේවා රාත්‍රී කාලයේ ගුවන් තොටුපොළට ළඟාවීම ප්‍රතික්ෂේප කර ඇති නිසා ඒ පිළිබඳ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු මෙම තිරණය ගැනීමට රජය පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කොටි සංවිධානය විසින් පසුගියදා රාත්‍රී ගුවන් ප්‍රහාරයක් එල්ලකළ අතර ඉන්පසුව එමිරේට්ස්, සිංගප්පූරු ගුවන් සමාගම් රාත්‍රියට කොළඹට පියාසර කිරීම නතර කළේය.

මීට අමතරව, කැතේ පැසිෆික් ගුවන් සමාගම කොළඹට පියාසර කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.