මාර්තු,05 (විමසුම) - වෙරළ ඛාදනය වැලැක්වීමේ අරමුණින් රජය අරඹා ඇති වෙරළාරක්ෂක බැමි ඉදිකිරීමේ කටයුතු ඉදිරි මැයි මස දී නිම කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු,05,(විමසුම) - ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නැංවීමට, පසුගියදා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට එයට සම්බන්ධ ඉන්දීය ආයතනවල අනුමැතිය එනතුරු ලංකාව සිටී.
මාර්තු,05,(විමසුම) – ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවෙමින් තිබෙන කඩාවැටීම සඳහා පිළියම් සෙවීම සඳහා ජාතික සභාව විසින් ජාතික කතිකාවක් කැඳවීමට තීරණය කරයි.
මාර්තු,05,(විමසුම) - හදිසි අවස්ථාව මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 88 කින් සම්මත විය.
මාර්තු,05,(විමසුම) - රජය ලබාගැනීමට යන ඩොලර් මිලියන 300 ක ඒකාබද්ධ ණය මුදල රැස්කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් හා ඩොයිෂ් බැංකුවට අනුමැතිය හිමිවෙයි.